JOTA-JOTI 2025
අනුරාධපුර දිසාවේ බාලදක්ෂයන් සදහා පැවති JOTA-JOTI 2025 බාල දක්ෂ ජම්බෝරිය ඔක්තෝම්බර් මස 18 වෙනිදා මධ්‍ය මහා විද්‍යලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්විණි.
දිස්ත්‍රික්කය පුරා සිටි බාලදක්ෂයන් 125කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ.රේඩියෝ තරංග හා අන්තර්ජාල සබඳතා හරහා අපගේ බාලදක්ෂයෝ ලෝකය පුරා සිටින අනෙක් බාලදක්ෂයන් සමඟ සම්බන්ධ වී — ඉගෙනීම, බෙදාගැනීම හා සීමා මතින් මිදුණු මිතුරන් බවට පත්වීම මෙදින සිදුකරන ලදී.මෙවැනි වැඩසටහන් පමණක් නොව එමගින් අපගේ ළමයින්ට සන්නිවේදන කුසලතා, ඩිජිටල් දැනුම, කණ්ඩායම් කාර්ය සහ ගෝලීය අවබෝධය වර්ධනය කරගැනීමට හැකියාව උදාවිය. එමඟින් ඔවුන් අතීත තාක්ෂණය හා වර්තමාන තාක්ෂණය පීලිබදව මනා අවබෝධයක් ලබාගත හැකිවිය මෙම වැඩසටහන විශාල සාර්ථකත්වයක් කරගැනීමට ශ්‍රී ලංකා ඇමචර් රේඩියෝ සමාජය ලබාදුන් සහයෝගය හා මගපෙන්වීම විශේෂ ස්තූතියක් ලබා දිය යුතුය.බාලදක්ෂභාවය, තාක්ෂණය හා මිතුරත්වය එකම අත්දැකීමක් ලෙස එක්වූ මේ විශිෂ්ට අවස්ථාවට අපි සමස්ත වශයෙන්ම ගෞරව දැක්විය යුතුය.