දරුවන් තුළ කායික ,බුද්ධිමය,චිත්තවේගිය සමාජීය ,සංස්කෘතික සංවර්ධනය ලබා දීමේ මූලික අරමුණින් බිහිවුනු බාලදක්ෂ ව්‍යපාරයෙහි ප්‍රධාන අරමුණ යහගුණ දමින් පිරි දරුවකු බිහි කිරීමය.ලංකාවේ බාලදක්ෂ ව්‍යපාරය ක්‍රියාත්මක වන ප්‍රදානතම දිසාවක් ලෙස අනුරාධපුර බාලදක්ෂ දිසාව දැක්විය හැකිය.සමාජයේ සෑම අයෙකුට උපකාර කරන යහගුණ දම් පිරි අනුරාධපුර දිස්ත්‍රක්කයේ බාලදක්ෂයන්ගේ නවතම මේ තුලින් ඔබට දැකගත හැකිය. අනුරාධපුර ,කැකිරාව,ගලෙන්බිදුණුවැව වැනි කලාප රැසකින් සමන්විත අනුරාධපුර බාලදක්ෂ දිසාව වෙත ඔබ සැම සාදරයෙන් පිළීගනිමු.
ස්වයං පරිසමාප්ත පුද්ගලයෙක් වශයෙන් සමාජයට ඵලදායී කාර්ය භාරයක් ඉටු කරමින් වඩාත් යහපත් ලොවක් ගොඩනැගීම සදහා සහය වීමට,බාලදක්ෂ පොරොන්දුව හා නීතීය මත පදනම් වූ පිළිගත් හර පද්ධතියක් මගින් ළමා හා තරුණ අධ්‍යපනයට දායක වීම.
මාගේ ආගම සහ රට කෙරෙහි යුතුකම් ඉටුකිරීමටද සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමටද බාලදක්ෂ නීතියට කිකරු වීමටද මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සහය යෙදීමට ගෞරව බහුමානයෙන් පොරොන්දු දෙමි.