රෝවර් බාලදක්ෂ ඉසුරු එදිරිසිංහ මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කිරීමට ජාතික මට්ටමේ තේරී පත් වූ රෝවර් බාලදක්ෂ 10 දෙනා අතරට තේරී
පත්ව ඇත. එම විශිෂ්ට අවස්ථාව වන 11 වන ආසියානු සාගරික කලාපීය බාලදක්ෂ යෞවන මණ්ඩලය (Asia Pacific Regional Scout Youth Forum 2025) 2025 ඔක්තෝබර් 6 සිට 9 දක්වා තායිපේ නගරයේ ‘Chien Tan Youth Activity Centre’ හිදී පැවැත්වීමට නියමිත වේ.
මෙම අවස්ථාව සඳහා ආසියාවේ රටවල් 29 ක ජාතික බාලදක්ෂ සංවිධානවලින් (National Scout Organizations) රෝවර් බාලදක්ෂයන් 142 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇත.ආසියානු සාගරික කලාපීය බාලදක්ෂ යෞවන මණ්ඩලය යනු බාලදක්ෂ යෞවන සමාජයට තම අදහස් ප්‍රකාශ කිරීමට, අර්ථවත් සාකච්ඡා වලට දායක වීමට, සහ තමන්ට වැදගත් වූ කරුණු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට ඉතා වටිනා වේදිකාවකි. එය නායකත්වය හා තීරණ ගැනීමේ නිපුණතා වර්ධනය කිරීම සඳහාද, කලාපයේ වෙනත් රටවල් වල බාලදක්ෂයන් සමග එකට සම්බන්ධ වීමටද විශේෂ අවස්ථාවක් සපයයි.ඔබට උණූසුම් සුභ පැතුම්.











